jtsp boy x Nethmini - La Lawata | Review

jtsp boy x Nethmini - La Lawata | Review

                                           

Lyrics:
ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමී කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-01] ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ රති ඔය තොල් සමානයි මෙන් මිදී ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී දෙන්න දෙන්න ආලෙ මට තව මදී ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..// ල ලාවට දෙතොලින් මගේ තොල් රස වෑහෙයි ඵලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගතී ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ (නෑ නෑ එසේ නොවේ) [RAP VERSE-02] ල ලබඳ වයන්නම් මං ආල ගීතේ අතරමං වෙලා මම ඔය නීල දෑසේ කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ රුවනාරී දැක දැක කෝම ඉන්න තවත් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන් රුවනාරි දැක දැක කෝම ඉන්න තවත් (CHORUS) හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..// Record Label - Bee Music Division of TITAN MUZIC RECORDZ Official Music video by Nethmini Ft. Jtsp boy performing "La Laawata". (C) 2023 JTSP Beatz, under exclusive license to TR TUNES; UNIX PUBLISHING

පලවෙනි පෝස්ට් එක පොඩ්ඩක් මේන්ස්ට්‍රීම් එකකින් පටන් ගන්න හිතුවා මේක හැමෝ අහන්නැති ගොඩක් වයිරල් ගියපු සින්දුවක්. මේක ට්‍රෑශ් ද නැත්තම් හොඳයිද? මේකට යූටියුබ් විව්ස් මිලියන 4 පහු කරලා තියෙනවා spotify streams 275,000 වගේ තිබුනෙ. සින්දුව ගැන කිව්වොත් meh. ලොකු අවුලක් නෑ. බීට් එක ගොඩක් catchy කරලා තියෙන්නෙ jstp boy කියලා කියන්නෙ ඒත් ඔරිජිනල් නෑ මේක. ඊට වඩා දෙන්නගෙ voices හරිම catchy. සහ යොහානිගෙ සින්දුවට මිලියන 200 ගනන් විව්ස් එද්දි මේක 4න් නැවතුනොත් ඒක ලොකු දෙයක්. යොහානි ෆ්‍රොම් සතොස වගේ නෙත්මිනි ගෙ වොයිස් එක. මට නම් යොහානිට වඩා සෙට් vocals not much trained but clear and soft as hell. Lyrics ගත්තොත් මචන් ක්‍රෙඩිට්ස් දෙන්න ඕනේ කොල්ලගෙ වර්ස් එක ඇත්තටම හොඳයි.  Chorus එක නම් මී පැණි බොරු කියන්න ඕනේ නෑනෙ.

"හීන මාලිගා හදන්නම් මා සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං නුඹ තරම් මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

එතන හොඳටම හොඳයි. එත්කොට නෙත්මිනි ගෙ කෑලි ටික හරිම හරිම මෝඩයි ළාමකයි සහ අවුලක් නෑ. .ඒත් මේ කෑල්ලට "මං සාමකාමී කෙල්ලෙක් අනේ - තාමත් පෙර පරිදි වගේ" නම් පොඩ්ඩක්වත් කැමති නෑ මොන ලබ්බක් ද මේ??? සිරාවට? මොනවද මේ කියන්නෙ? නෑ නෑ එසේ නොවේ? අර කොඳුරන ආට් එකට කොල්ලගෙ වොයිස් එක ශෙප්. ගොඩක් හොඳ නෑ ඒත් ශේප්. යුකී වෙන්න හදව කියලා කට්ටිය දාල තියෙනව දැක්ක ඒත් එහෙම ලොකු අවුලක් නැ.
ආහ් තව එකක් තියේ
"දෙන්න දෙන්න ආලෙ මට තව මදී ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී"? සිරාවට? සයිකෝ? හරි හරි

Production Quality එක ගොඩක් Mid. ඉස්සරහට Improve වෙයි කියලා හිතනවා. කොහොම උනත් ඉස්මෝකියෝගෙ ලව් සින්දු වල තියෙන වර්ස් තරම් අවුල් නෑ කියල විවාදයකින් තොරව කියන්න පුළුවන්. අර chorus එකට extra points

4/10
Meh Shep


Comments

Popular Posts